Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවල ප්‍රථිපල

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ඉලක්ක කර ඊයේ(02) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108 කින්  එක් ආසාදිතයෙකු පමණක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
මෙතෙක් සිදුකර ඇති අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන 13,137ක් වන අතර ඉන් ආසාදිතයින් 103ක් හඳුනාගෙන ඇත.
 
එම ආසාදිතයන් 103 දෙනා සමග සිටි සමීප ආශ්‍රියන් 604 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.
 
තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();