ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් 200 දෙනෙකු බන්ධනාගාර නියාමකවරුන් ලෙස වහාම බඳවා ගැනීමට අදාළ අයදුම්පත් පුවත්පත් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාර නිළධාරීන් ලෙස බඳවා ගන්නා පුද්ගලයන් බන්ධනාගාර බුද්ධි අංශ ඇතුළු විශේෂිත සේවාවන් වෙත අනුයුක්ත කිරීමට නියමිත බව පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
(අරුණ පුවත් ඇසුරිනි)
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3sFnj4X
tribune

0 Comments