Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 11ක් තිස්සේ දකුණු අප්‍රිකානු සමාගමක් කල රියැදුරු බලපත් මුද්‍රණය යුද හමුදාවට පවරයි!

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු මේ වසරේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාරදී ඇති බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සියලූ රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු අද (1දා) සිට ශ‍්‍රී ලංකා යුද හමුදාව මගින් සිදුකරනු ඇත.

පෞද්ගලික ආයතනයක් හරහා රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් කලක් සිදුකරනු ලැබුවත් ආරක්ෂක හේතුන් සහ මෙරට පුද්ගලයින්ගේ තොරතුරු හා දත්ත රාජ්‍ය අංශයෙන් පිටත වෙනත් පාර්ශවයන් සතුව පැවතීම යන කරනු මුල් කරගනිමින් මෙලෙස රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු පෞද්ගලියක අයතනයෙන් ගලවා යුද හමුදාව වෙත පවරා තිබේ.

වසර 11ක් තිස්සේ දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මෙරට රියැදුරු බලපත්‍ර මුද්‍රණය සිදුකළ අතර දෙපාර්තමේන්තුව නව රජය බලයට පැමිණීමෙන් පසු එම ගිවිසුම අවලංගු කිරීමට ගත් තීරණයත් සමඟ මෙතෙක් විදෙස් සමාගමක් වෙත ඇදී ගිය විශාල මුදලක් මෙරට තුල ඉතිරිකර ගැනීමට හැකි වනු ලැබෙන අතර මසකට නව රිය­ැදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3n2Dkhf
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();