Ticker

6/recent/ticker-posts

Header Ads Widget

LPL තරගයේ ජයඝෝෂාව නාදයක් බවට පත්කළ ළාබාලතම ශබ්ද ඉංජිනේරුවා!

2012 දී ශ්‍රී ලංකා ප්‍රිමියර් තරගාවලිය පවත්වලා වසර අටකට පසුවයි නැවත 2020 දී අපි මේ දිනවල නරඹන ලංකා ප්‍රිමයර් තරගාවලිය පැවැත්වෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන බොහෝ දෙනා මේ දින 14ක කාලය ගත කරන්නේ LPL තරගාවලිය එක්ක බව නම් නොරහසක්. දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ එකතුවෙන් පැවැත්වෙන 20/20 තරගාවලි ඔබ නරඹන්නේ ඔබේ සිත ගත් කණ්ඩායමට ජය පතමින්. තරගාවලිය නරඹන අතරතුර ඔබට ඇහෙන ඔබ වඩාත් ප්‍රිය කරන නාදයක් වන්නේ ඔබ සහයෝගය දක්වන කණ්ඩායමේ සාමාජිකයෙක් හයේ හෝ හතරේ පහරක් ලබා ගත් පසු වාදනය වන තේමා නාදයටනේ.

ඉතින් අපි හිතුවා හැඩ වැඩ තුළින් මේ තේමා නාදයේ සැබෑ හිමිකරු හොයා යන්න. ඔහු තමයි ලංකාවේ ළාබාලතම ශබ්ද ඉංජිනේරුවා. නමින් අයෝධ්‍ය කරුණාරත්න. විශේෂත්වය වන්නේ අයෝධ්‍ය තවමත් පාසල් අධ්‍යාපනය ලබන සිසුවෙක් වීම.

සම්පූර්ණ නම – අයෝධ්‍ය කවිඳු කරුණාරත්න

පවුලේ විස්තර – තාත්තා අසංග කරුණාරත්න. තාත්තා රූපවාහිනී වැඩසටන් නිවේදන කටයුතු කරන්නේ. අම්මා නදීකා කරුණාරත්න. අම්මා පෙර පාසල් විදුහල්පතිනියක් විදියට කටයුතු කරන්නේ. මම පවුලේ එකම දරුවා.

පාසල – තලවතුගොඩ i-gate

ඉගෙන ගන්න වසර – 10 වසර

සංගීතයට නැඹුරු වෙන්නේ කොහොමද?

දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන්ම මම සින්දු කියන්න ආස කළා. මට ඕනේ වුණේ කවදා හරි හොඳ සංගීතඥයෙක් වගේම හොඳ සංගීත සංයෝජකයෙක් වෙනවා කියන අරමුණ.

මුලින්ම සංගීතය හදාරන්නේ කාගෙන්ද?

මගේ නැන්දාගෙන්. එයා විශාරද ප්‍රභානි කරුණාරත්න. පුංචි කාලේ ඉඳන්ම මගේ සංගීත හැකියාවන් හඳුනාගෙන මාව අදාළ අංශවලට යොමු කළේ නැන්දා. අවුරුදු පහේදී තමා මම ඩ්‍රම්ස් වාදනය කරන්න පටන් ගත්තේ.

2017 නෙළුම් පොකුණේ තිබ්බ ප්‍රසංගයකදී පවා මම ඩ්‍රම්ස් වාදනය කළා.

අයෝධ්‍යට ස්ටූඩියෝ එකක් තියෙනවා නේද?

මගේ 14 වැනි උපන් දිනයට තමා තාත්තයි, අම්මයි මේ ස්ටූඩියෝ එක දාලා දුන්නේ. ඊට පස්සේ 2019 ජූලි මාසේ මම ශබ්ද ඉංජිනේරු පාඨමාලාව හදාරන්න පටන් ගත්තේ.

ස්ටූඩියෝ එකේ මොනවද මේ වෙද්දී කරපු වැඩ?

බැංකු කිහිපයක වෙළෙඳ දැන්වීම් කිහිපයක් කළා. අලුත් චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයට සංගීතය සැපයීම කළා. ඒ වගේම කොරෝනා කාලෙදී මමයි, තාත්තයි, නැන්දයි එකතුවෙලා සින්දුවක් කළා. පරදවමු කොරෝනා කියලා. ඒක ලිව්වේ මගේ තාත්තා. මම තමයි මෙලඩි එක සහ සංගීතය කළේ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම ඉන්න වයසත් එක්ක ගොඩක් අය හොඳ කියනවා. ඒ වගේම තව හොඳ නිර්මාණ කරන්න ගොඩක් අය උනන්දු කරවනවා. පාසලෙන් පවා මාව දිරිමත් කරනවා ඉදිරියට යන්න.

වැඩිදුර ඉගෙන ගන්න විදෙස්ගත වෙන්න අදහසක් තියෙනවද?

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඉන්දියාවේ ගිහින් ඒ ආර් රහුමාන් ළඟ ඉගෙන ගන්න අදහසක් තියෙනවා.

පාසලේදී කරන බාහිර වැඩ කටයුතු?

ක්‍රීඩාව පැත්තට වැඩි නැඹුරුවක් තියෙනවා. බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා. පාසල් නිවාසාන්තර තරගවල හොඳම ක්‍රීඩකයා වෙලා තියෙනවා. කොට්ඨාස සහ කලාප තරගවල ප්‍රථම ස්ථානය තියෙනවා. ඒ වගේම පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායමේ නායකයා විදියට කටයතු කරනවා. පාසලේදීත් ළාබාලම නායකයා වුණේ මම. 2015 ඉඳන් පාසලේ ඔකෙස්ට්‍රා කණ්ඩායමේ ප්‍රධාන ඩ්‍රම්ස් වාදන ශිල්පියා විදියට කටයුතු කරනවා.

මෙවර LPL තරගයේ හයේ හෝ හතරේ පහරක් ලබා ගත් පසු වාදනය වන තේමා නාදය නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

පළවැනි මැච් එක පටන් ගන්න කලින් දවසේ තමයි මට කතා කළේ. මිලියන් ලාෆ් එන්ටර්ටෙට්මන්ට් ආයතනයේ චාමික අයියා. එයා කිව්වේ මට IPL එකේ හයේ හෝ හතරේ පහරක් ගත්තම වාදනය කරනවා වගේ එකක් ඕනේ කියලා. මම ඒ වෙලාවේ හිටියේ On LIne පන්තියකට සහභාගි වෙලා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා රෑ තමා මම හදලා දුන්නේ.

එය අනුමත වුණා කියලා දැනගත්තම මොකද හිතුණේ?

ලොකු සතුටක් දැනුණා. තරගය තියෙන දින 14ම ඉතින් වාදනය වනවා. ඒක රූපවාහිනිය තුළින් ඇහෙද්දී ඊට වඩා සතුටුයි.

අයෝධ්‍ය වැඩ කරන්නේ අයෝධ්‍යට වඩා වයසින් වැඩි අය එක්කනේ, කොහොමද ඒ අත්දැකීම?

අත්දැකීම් ගොඩක් ලැබෙනවා. මම වයසින් අඩුයි කියලා කිසි කෙනෙක් වෙනසක් කරන්නේ නැහැ. මගේ හැකියාවන්වලට නිසි තැන දෙනවා.

අනාගත බලාපොරොත්තුව?

ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකය තුළ ඉන්න හොඳ සංගීත සංයෝජකයෙක් වෙන්න තමා මගේ බලාපොරොත්තුව. ඒ වගේම මගේම කියලා සියල්ල සම්පූර්ණ හොඳ ස්ටූඩියෝ එකක් දාලා හොඳ නිර්මාණ කරන්න කැමතියි.

අනුෂා රණසිංහ / www.aruna.lk



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3gAM4tl
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();