Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දොම්පෙ නව සභාපති දිවුරුම් දෙයි

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති කාරියප්පෙරුමගේ පියසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරියේදී ඊයේ (29) දින දිවුරුම් දුන්නේය.

විජේරාම පිහිටි නිල නි‍ෙවසේදී මෙම දිවුරුම් දීමේ අවස්ථාව පැවැත්විණි.

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට මෙලෙස කාරියප්පෙරුමගේ පියසේන මහතා පත්කෙරිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();