බස්නාහිර පළාතෙන් බැහැරව යාමට පැමිණි පුද්ගලයන්ට කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ මගින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 61දෙනකු සොයාගෙන ඇති අතර ඔවුන්ගේ සමීපතමයන් 315 දෙනකු නිරෝධායනයට ලක්කර ඇත.
මේ වන විට බස්නාහිර පළාතෙන් අනෙක් පළාත්වලට පිටත්වන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 10,000ක් ඊයේ (29) උදෑසන සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය 18 දා සිට බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ පැවැත්වීම ආරම්භ කර ඇති අතර එය ජනවාරි 05දක්වා සිදුකරයි.
රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සඳහා සහාය දැක්වීම සැම දෙනකුගේම යුතුකමක් සහ වගකීමක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන්නේ ඔබ සමඟ පුද්ගලික තරහවකට නොවන බවත් ඔබ කොවිඩ් 19 වයිරසය අසාදිතයකු නම් ඔබට ප්‍රථිකාර ලබාදීමටත් වයිරසය අනෙක් අයට බෝවීම පැතිරීම වැළැක්වීමටත් එය බස්නාහිර පළාතෙන් පිටතට පැතිරීම වැළැක්වීම සඳහා බවත් පෙන්වා දෙයි.
රක්ෂණ ශ්‍රියන්ත

0 Comments