Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණය ගැන තොරතුරු රැසක්!

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී වරුෂා හැන්නදි මහත්මිය වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා වාර්තාව ලැබුණ පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව පවසා ඊයේ (10) සවස විවෘත තීන්දුවක් ප්‍රකාශ කළා.

පෙරේදා (9දා) උදෑසන ගාල්ල, මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලට රැගෙන යෑමට නියෝග කළේ.

ඒ අනුව, දේහය කරාපිටිය රෝහලට ගෙනැවිත් පළමුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණය කරන ලද අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම හිමියන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවය. පසුව පශ්චාත් මරණ පරීක්‍ෂණය කරනු ලැබුවා.

ඉකුත් 8 වන දා උන්වහන්සේගේ දේහය ගාල්ල කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණත් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නොහැකිව තිබෙනවා.

ඒ, උන්වහන්සේගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නෙදර්ලන්ත තානාපති කාර්යාලයෙන් අනුමැතියක් ලබා නොතිබීම නිසයි.

උන්වහන්සේගේ දේහය සොයා ගැනීමෙන් පසු ගාල්ල පොලිස් බලධාරීන් මේ සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් මෙරට පිහිටි නෙදර්ලන්ත තානාපති කාර්යාලයට දන්වා යවා තිබෙනවා.

එම ලිඛිත වාර්තාව මෙරට තානාපති කාර්යාලය විසින් නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යවා තිබෙනවා .

එරට සිටින උන්වහන්සේගේ පාර්ශ්වයෙන් කරුණු කාරණා විමසීමෙන් පසු ඔවුන්ගේ කැමැත්ත පරිදි උන්වහන්සේගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුමැතිය ලබාදීමට නෙදර්ලන්ත තානාපති කාර්යාලය තීරණය කළ බව ඊයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන කණ්ඩායම්වලට වැදගත් තොරතුරු රාශියක් ලැබී ඇතත් විමර්ශනවලට හානියක් සිදුවන බැවින් එම තොරතුරු සම්බන්ධයෙන් කිසිවක් හෙළි කර නොහැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

භාවනානුයෝගීව වැඩ විසීම නිසා අවට පරිසරයෙන් එන ශබ්ද කෑකෝ ගැසීම්වලට උන්වහන්සේ තරයේ විරුද්ධ වී ඇති අතර කලපුවේ මාළු ඇල්ලීම හා සංචාරකයන් ශබ්ද සහිත බෝට්ටුවලින් එහා මෙහා ගෙන යෑම ගැන උන්වහන්සේ සිට ඇත්තේ දැඩි කනස්සල්ලෙනි.

මෙවැනි විරුද්ධවීමක් උන්වහන්සේගේ අපවත් වීමට බලපෑවේදැයි සොයා බලන බව පොලිස් විමර්ශකයෝ පවසනවා.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/378GJq4
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();