Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහර සිදුවීම සම්බන්ධ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේපුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් අද පස්වරුවේ (30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම සිදු විය.
 
කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම සිදු කළ අතර කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහන හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි  ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් රණවීර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.
 
අදාළ කමිටුව අධිකරණ අමාත්‍යතුමා විසින් 2020.11.29 වන දින පත් කල අතර කමිටුව විසින් සිද්ධිය පිළිබදව අතුරු වාර්තාවක් (2020.12.07) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදුනි කමිටුව වෙත උපදෙස් ලබාදී තිබුණේ මසක් තුළ සිද්ධිය පිළිබදව වු පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි.ඒ අනුව වාර්තාව අද භාරදීම සිදු විය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();