Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් යුක්‍රේන සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ්

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. 
 
ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ දෙසැම්බර් මස 28 වන දින යුක්‍රේන ජාතිකයින් 185 දෙනෙක් දිවයිනට පැමිණියේය.
 
එසේම මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 42,702ක්වේ. සමස්ත ආසාදිතයින් ගෙන් දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 7,884ක් වන අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 34,623කි.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();