මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 195කි.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (28) ඔහු මියගොස් ඇත.
මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වගුගඩු ආසාදනයක් බව සදහන් වේ.

0 Comments