Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිනක PCR පරීක්ෂණ වියදම කෝටි හයයි!

දිනකට පී.සී.ආර්. පරික්ෂණ වල රසායනාගාර කටයුතු සඳහා පමණක් රුපියල් කෝටි 6 ක මුදලක් වැය වන බවට ගණන් බලා ඇත. මේ මුදල මාසයකට රුපියල් කෝටි 180 කි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පී.සී.ආර්. පරීක්ෂණ වල රසායනාගාර කටයුතු සඳහා එක් අයකුට රුපියල් 6000 ක් බැගින් මෙම මුදල වැය වන බවයි. එහෙත් රසායනාගාර නිලධාරීන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඇතුළු අනෙකුත් වියදම් මීට ඇතුළත් නොවන බවද ඔහු කීය.

මේ අතර රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ එක් පුද්ගලයකුගේ පී.සී.ආර්. පරික්ෂණ කටයුතු සඳහා රසායනාගාර සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඇතුළු සියලු‍ වියදම් සඳහා රුපියල් 10,000 ක පමණ මුදලක් වියදම් වන බවයි.

දිනකට පී.සී.ආර්. පරික්ෂණ 10,000 ක පමණ ප්‍රමාණයක් කරනු ලබන අතර, ඒ අනුව දිනකට රුපියල් දස ලක්ෂයක පමණ මුදලක් වැය වන බවයි.



from රට තොට – Colombo Tribune https://ift.tt/2GLleBg
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();