ඊයේ(17) රාත්‍රියේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පළා යෑමට උත්සහ දරා තිබේ.
මෙහිදී රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.
නිරෝධායනයට ලක් කර සිටින රැඳවියන් පස් දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළා යෑමට උත්සාහ කර ඇත.
මෙම රැඳවියන් පස් දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අයවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කෑගල්ල බන්ධනාගාර අධිකාරීවරයා පත්කර තිබේ.

0 Comments