
ඕස්ටේලියාවේෙ වියානා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වියානා අගනුවර පිහිටි යාච්ඤා මධ්‍යස්ථානයක් අසල පළමුව ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත. එහිදී ඔවුන් ස්වයංක්‍රිය තුවක්කු යොදා ගෙන ප්‍රහාර එල්ල කොට තිබෙන අතර එක් ත්‍රස්තවාදියෙකු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම පිරිස වියානා අගනුවර ස්ථාන 06කදී ප්‍රහාර එල්ල කොට තිබෙන බවද සඳහන් වේ.
මේ වන විට ප්‍රහාරයට පැමිණි සෙසු ත්‍රස්තවාදීන් සොයා වියානා පොලිසිය සහ විශේෂ බළකාය මෙහෙයුමක් දියත් කොට තිබේ.
The post වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්. appeared first on Lanka News Column.

0 Comments