
නවගමුව වෑක්වත්ත පාරේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 78 දෙනකුගෙන් 28 දෙනකු කොවිඞ් රෝගීන් බවට හඳුනාගෙන ඇත. ඔවුන්ගෙන් 17 දෙනකු ඉන්දීය ජාතිකයන් බවද වාර්තා වේ.
කර්මාන්ත ශාලාව විසින් පෞද්ගලික සෞඛ්‍ය අංශ මගින් සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී සේවකයන් කීපදෙනකු කොවිඞ් රෝගීන් බවට හඳුනාගැනීමෙන් පසු ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ හා පොලිසිය දැනුවත් කර පසුව කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයේදී මෙම රෝගීන් 28 දෙනා සොයාගෙන ඇත.
The post කර්මාන්ත ශාලාවක ඉන්දීය ජාතිකයන් 17 කට කොවිඩ්. appeared first on Lanka News Column.

0 Comments