Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිෂාඩ් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නොවැම්බර් 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) නියෝග කර ඇත.
 
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අමතරව සම්සුදීන් මොහොමඩ් යාසිම් සහ හිටපු ගණකාධිකාරිවරයෙකු වන අලගරත්නම් මනෝරන්ජන් යන අය ද මෙලෙස බන්ධනාගාර ගත කෙරිණි.
 
2019 ජනාධිපතිවරණ සමයේ සිදුවු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පසුගියදා දෙහිවල ප්‍රදේශයේදී රිෂාඩ් අත්අඩංගුවට ගනු ලැබු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();