රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා මසකට ප‍්‍රමාණවත් ඖෂධ නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සදහා ශ‍්‍රී ලංකා තැපැල් සේවය සමග එක්ව ඒකාබද්ධ වැඩසටහනක් අද (05 ) සිට ආරම්භ කර ඇත
ඒ අනුව දිවයින පුරා ඇති සියලූ රජයේ රෝහල්වලින් සායනික ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ නිවෙස් වෙත ඖෂධ ලබාදීම අද සිට ආරම්භ කරන බවයි ඖෂධ නිෂ්පාදනය සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි
මෙම ඖෂධ රෝගියා වෙත තැපැල් මගින් ගෙනැවිත් භාරදිමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අවශ්‍ය වන බව වාර්තා වෙයි

0 Comments