Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සමග හැප්පීමට නොහැකි බව පවසයි.

තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික ලෙස ඇයට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව පසුගිය දිනෙක වෛද්‍යවරියක විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ පිළිකා ශෛල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහිව මෙලෙස පැමිණිල කර ඇත්තේ එම රෝහලේම සේවය කරන සාගරිකා දිලූෂානි සේනානයක නම් වෛද්‍යවරියයි.

කරාපිටිය රෝහලට එන විටත් එක් දරු මවක් වූ වෛද්‍ය සාගරිකා නොබෝ දිනකින්ම යළිත් ගැබ් ගත්තේය. මේ බව කන වැකුණු විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුව මැද අනෙකුත් කාර්ය මණ්ඩලය පමණක් නොව රෝගීන්ද ඉදිරියේ ගර්භනියට බැන වැදී වහාම පෙත්තක් ඇතුළු කර ඒ  දරු ගැබ ගබ්සා කරගන්නා ලෙස ගිගුරුවේය. මෙය කිසිවෙකු බලාපොරොත්තු වුවක් නොවේ. ගර්භනියක වූ මේ වෛද්‍යවරිය මෙයින් දැඩිලෙස තැති ගත්තාය. ඇය පියවි ලෝකයට පැමිණ ඇත්තේ ඇයගේ කම්මුල හරහා වේගයෙන් ඇදී ගිය ප්‍රධාන වෛද්‍ය වරයාගේ පහරත් සමගිනි. ඇය අසීරුවෙන් වුවද එතැනින් ඉවතට දිව ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් තමා ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කළ අවස්ථාවේදී වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ද එතැනට පැමිණ සිටි බව සඳහන් කරන වෛද්‍ය දිලුක්ශානි සේනානායක මෙම සිද්ධිය සමථයකට පත්කර පත්කර ගන්නා ලෙස ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශය තමාට බලපෑම් කළ බව ද සදහන් කරයි.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සමග හැප්පීමට තමාට නොහැකි බව ද එම කාර්යාංශය තමාට දැනුම් දුන් බව වෛද්‍ය දිලුක්ශානි සේනානායක සඳහන් කරයි.

වෛද්‍ය දිලුක්ශානි සේනානායක මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක වැඩසටහනට එක් වෙමිනි.

The post ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සමග හැප්පීමට නොහැකි බව පවසයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();