Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් මඬින්න ආණ්ඩුව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කරන කැප වීම අගය කළ යුතුයි - අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමිපාණෝ

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ආණ්ඩුව, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ගනු ලබන උත්සාහය හා කැප කිරීම රටවැසි ගිහි පැවිදි සැමගේ ඇගයීමට ලක් විය යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේ පවසති.

පීඩාවට පත්ව සිටින ජනතාව කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද ඔසවා තැබීමේ අදිටනින් රජය රතන සූත්‍ර දේශනාව රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අගය කළ යුතු බවද උන්වහන්සේ කීහ.

බුද්ධ ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ආගමික සිද්ධස්ථාන මෙන්ම මාධ්‍ය ආයතනද ඒකාබද්ධ කර ගනිමින් රටපුරා රතන සූත්‍රය දේශනා පැවැත්වීමට කටයුතු කිරීම මෙම වසංගත රෝගී තත්ත්වය පාලනය කිරීමට ගත හැකි කාලෝචිත පියවරක් යැයි ද අනුනාහිමියෝ අවධාරණය කළහ.

රතන සූත්‍රය දේශනා කිරීම මඟින් විවිධ ආපදා වසංගත හා උවදුරුවලින් බේරීමට මහඟු ඵල ආනිසංශ ලැබුණු බව බුදුන් දවස පටන් අසන්නට ලැබුණු බවත් මෙම උවදුරින් මිදීමට රතන සූත්‍රය දේශනා කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවන බවත් කී අනුනාහිමියෝ රතන සූත්‍රය ශ්‍රවණය කරන අයටද එහිදී වගකීමක් පැවරෙන්නේ යැයි ප්‍රකාශ කළහ.

රතන සූත්‍රය අවසානයේ සත්‍යක්‍රියාව මැනවින් සිදු කොට ආශිර්වාද ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බවද උන්වහන්සේ කීහ. ආණ්ඩුව සෑම දෙයක්ම ඉටු කරන තෙක් බලා නොසිට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැද නිවෙස්වලට වී සිටින කාලය අර්ථවත්ව ගෙවා දැමීම ජනතාවගේ වගකීමක් බව ද උපාලි නාහිමියෝ පැවසූහ.

අසේල කුරුළුවංශ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();