Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙල්ලන්විල රාජමහා විහාරයේ සිට කන්කසන්තුරේ තිස්ස රාජමහා විහාරයට ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවයි

 

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ සිට කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රාජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ලබන ප්‍රතිමා වහන්සේ රැගත් රිය පෙරහර ඊයේ (02) අනුරාධපුර මිරිසවැටිය රාජමහා විහාරස්ථානයේ සිට යාපනය බලා ගමන් ආරම්භ කළේය.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඉකුත් 29 වැනිදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙන් මේ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සව කටයුතු සිදු කෙරිණි.

බෙල්ලන්විල සිට මිරිසවැටිය පුදබිම වෙත වැඩම කර ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු පෙරහර රැගත් පිරිස නැවත ගමන් ආරම්භ කළහ. පසුව ප්‍රතිමාව තිස්ස මහා විහාරයට වැඩම කරවා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් පසු දින එම විහාරස්ථානයේ කඨින පිංකම පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

මිරිසවැටිය රාජමහා විහාරාධිකාරී සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමිගේ අනුශාසනා පරිදි මිරිසවැටිය පුදබිමේ පැවති ආගමික වතාවත් සඳහා ආරක්ෂක සේනා වන්නා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ඉදිරි නඩත්තු පෙදෙස උතුරු මැද ආඥාපති මේජර් ජෙනරල් එල්. පී. ආර්. ප්‍රේමලාල්, 21 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, ඉදිරි නඩත්තු පෙළ උතුර ආඥාපති බ්‍රිගේඩියර් වන්දිත මාහිංකන්ද සහ තිස්ස මහා විහාර කාර්ය සාධක සමිති ලේකම් තුෂාරා තේනුවර මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක් වූහ.

ඡායාරූපය- අනුරාධපුර විශේෂ

 

 

අනුරාධපුර විශේෂ සරත් මනුල වික්‍රම

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();