Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරිය අස්සේ අසරණ වූ පවුල් දහදාහකට එළවළු බෙදා දුන් අපේ කාලයේ තරුණයකුගේ දාන පාරමිතාව!

කොවිඩ් 19 රැල්ල රටම වෙළා ගනිමින් පළමු රැල්ලේ නොදුටු භයානක බවක් මවාපාමින් සිටී.

වෙනදා ඕනෑම ජාතික ව්‍යසනයක දී අවම හානියකට හිමිකම් කියන වයඹ සත්කෝරලයේ කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල වැනි ප්‍රදේශවල ජනතාව අතරට කෝවිඩ් 19 දෙවැනි රැල්ල හමා එන්නේ අනපේක්ෂිතවය.

එම තත්ත්වයෙන් ඉහත කී ප්‍රදේශ රැකගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය, අවදානම් ප්‍රදේශ හුදෙකලා කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනුණේ් කඩිනමිනි. මෙම ක්‍රියාමාර්ග හමුවේ නිවෙස් තුළට කොටුවූ ප්‍රදේශවාසී ජනතාව රජයේ නිරෝධායන නීතිරීතිවලට එකඟව දිවි ගෙවමින් සිටියේ ඉන් ඇතිවන බොහෝ අපහසුතා විඳ දරා ගනිමිනි.

කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ලෝක ජනතාවට නොලැබෙන සහන ශ්‍රී ලංකා වාසී ජනතාවට ලැබිණි.

රජයෙන්  ලැබෙන දේ මෙන් කිහිප ගුණයක් දේ  එම ජනතාවට ලබාදීම අපේ රටේ අනාදිමත් කාලයක සිට අපට හුරු පුරුදු චාරිත්‍රයකි.

තමන් බඩගින්නේ සිට අනුන්ගේ කුස් පුරවන අපට, අපේ රටට හිමි එම අපූරු සංස්කෘතිය තවමත් රටේ පවතින බව පසක් කරමින් මෙසේ නිරෝධායන ඇඳිරි නීති සමයේ පන්නල ප්‍රදේශයේම නිවෙස්වල කොටු වූ ජනතාව වෙනුවෙන් එළවළු බෙදාදුන් අපූරු ආදර්ශවත් ව්‍යාපාරිකයකු පිළිබඳ තොරතුරක් ඔස්සේ මව්බිමේ අපි ඔහු සොයා ගියෙමු.

ඔහු පන්නල ඩී.එම්. සමන් ප්‍රදීප්ය.

36 වියැති   ඔහු ශ්‍රී ලංකාවේ එළවළු තොග සහ සිල්ලර අලෙවි ක්ෂේත්‍රයේ කීර්තිමත් තරුණ ව්‍යාපාරිකයෙකි.

ච්ර්2 නමින් ගිරිඋල්ල, පන්නල, කටාන, කුලියාපිටිය, නුවරඑළිය යන ප්‍රදේශවල එළවළු තොග සහ සිල්ලර ව්‍යාපාර ජාලයක් ඔහු විසින් පවත්වාගෙන යයි.

“කොවිඩ් 19 දෙවැනි රැල්ල ඇවිත් දවස් කිහිපයයි ගත වුණේ. කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල යන ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පැනෙව්වා.

ඒ ප්‍රදේශවල ජනතාව නිවෙස්වලට කොටු වුණා. එහෙම කොටුවුණු බොහෝ අයට එදිනෙදාට අවශ්‍ය ආහාර, එළවළු වාගෙ දේවල් ලබා ගන්න ක්‍රමයක් නැතිව ගියා.

එහෙම අසීරුවට පත්වුණු අයට මගේ ශක්ති පමණින් උදවු කරන්න ඕනෑ කියලා මට හිතුණා. මම මේ අදහස මුලින්ම කිව්වෙ පවුලෙ අයට. මගෙ අම්මට, තාත්තාට, අයියට සහ බිරියට, ඒ හැම කෙනෙක්ම මේ අදහස ඇගැයීමකට ලක්කළා.

මගේ කාර්ය මණ්ඩලයේ නුවරඑළිය හැර අන් තැන්වල සේවය කරන 102ක් ඉන්නවා. මේ 102 දෙනාම එකතු කරගෙන මම මට පුළුවන් උපරිම පවුල් ගණනකට එළවළු මල්ල බැගින් දෙන්න තීරණය කළා.

මේ සඳහා නුවරඑළියෙන් නැවුම් එළවළු ගෙන්නා ගත්තා. ඒවා ක්‍රමවත්ව මලුවලට දැම්මෙව්වා. මගෙ වාහන 12ක් තියෙනවා. ඊට අමතරව තවත් වාහන හතක් මගෙ යහළුවන්ගෙන් ඉල්ලාගත්තා.

පන්නල පොලිස් ස්ථානාධිපති උපුල් වික්‍රමතිලක මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක අරවින්ද මහතා එක්ක සාකච්ඡා කරලා විධිමත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව මේ එළවළු බෙදලා දෙන්න අවශ්‍ය උපදෙස් ලබා ගත්තා.

මේ වාහන 19ක එළවළු මලු ටික පටවාගෙන ගිහින් මූකලාන, නැදුරාන, පන්නල, බඩබැද්ද, කොහොඹපොල, මාක¾දුර, සඳලංකාව, ඊරියගොල්ල, හෙණ්ඩියගල, ඇලබඩගම, බෝවත්ත, යක්විල වාගේ ප්‍රදේශවල ජනතාවගේ නිවෙස්වලටම ගෙනිහින් දුන්නා.

රුපියල් ලක්ෂ 12ක මුදලක් මා මේ සඳහා වැය කළා. මේ කාර්යය ඉතා විධිමත්ව කරන්න අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිතුමා ලොකු සහයෝගයක් දුන්නා. එතුමාගේ පෞද්ගලික ලේකම් චලන මහතා, තුසිත චන්ද්‍රතිලක මහතා ඇතුළු විශාල පිරිසක් ශ්‍රම දායකත්වය ලබා දුන්නා.

හැම ආගමකම කියලා තියෙන්නෙ අසරණයන්ට පිහිට වෙන්න කියලා. ඒ අනුව යමින් මම මේ කාර්යය ඉටු කළේ.

සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අට ලෝ දහමේ දැක්වෙන යහපත් කර්මාන්ත සහ යහපත් ජීවන රටාව යන කාරණා ගුරුකොට ගෙන. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන්ම පිරිපුන් මේ තරුණ ව්‍යාපාරිකයාගේ ජීවන තොරතුරු පිළිබඳවද යමක් අප විමසුවේ එම තොරතුරු තුළ අපට උකහා ගත හැකි බොහෝ පූර්වාදර්ශ ඇතැයි සිතම දැනුණු නිසාය.

මගෙ තාත්තා ඩී.එම්. හේමපාල (58). අම්මා එස්.එම්.ඒ. ඥානවතී. අපි දරුවො තුන් දෙනයි. අයියයි, මමයි, නංගියි”

සමන් ප්‍රදීප් පන්නල ජාතික පාසලින් අධ්‍යාපනය ලබා නිවෙසේ සිටි කාලයේ නොකළ වැඩක් නැත. බොහෝ දුක් විඳිමින් දිවිමඟ ජය ගන්නට වෙහෙසුණු ඔහුගේ ජය මොහොත උදා වන්නේ තම එකම සොහොයුරා වූ ඩී.එම්. හේමකුමාරගේ එළවළු වෙළෙඳසලේ සේවයට එක් වූ පසුය.

අයියා ළඟ මම කලක් වැඩ කළා. එළවළු වෙළෙඳ ක්ෂේත්‍රයේ අල ගිය මුල ගිය තැන් මම සොයාගන්නේ, හදාරන්නේ එතැනින්. පස්සෙ අයියම කිව්වා මල්ලි දැන් ඔයාට මේ එළවළු බිස්නස් එක තනියම කරන්න පුළුවන්, ඒක පටන් ගන්න කියලා.

පස්සෙ අයියගෙ ආශීර්වාදයත් එක්ක මගේ ව්‍යාපාරය ආරම්භ කළා.  අයියගෙ ව්‍යාපාරය DM1 මගෙ DM2 අයියගෙ ආභාසය මටත් ලැබුණා.

අයියා ව්‍යාපාරිකයෙක් වාගෙම සමාජ සේවකයෙක්. දනට පිනට ළැදියි. මේ දවස්වලත් පොළොන්නරුව පැත්තේ විහාරස්ථානයක් ඉදි කරනවා එයාගෙ වියදමින්.

ඒ අනුගමනය, අනුකරණය නිසා මමත් එහෙම කටයුතුවලට පෙලඹුණේ.

එළවළු වෙළෙඳ ක්ෂේත්‍රයේ නමක් දිනූ සමන් විවාහ වන්නේද නුවරඑළියෙනි. තිළිණි උදේශිකා සමන්ගේ පිය බිරියයි.

තාමත් ළදරු වියේ පසුවන දරු දෙදෙනා සමඟ යහපත් දිවි පෙවෙතක් ගත කරන සමන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් දෙකක් පවත්වාගෙන යන අතර එම ප්‍රදේශයේ ගොවිපළ කිහිපයකද හිමිකරුවෙකි.

“මගේ මුළු කාර්යමණ්ඩලය 136ක්”.

ඒ සියලු දෙනාම අවංක, කාර්යශූර සේවකයන්. ඒ අය සේවා තෘප්තියෙන් යුතුව මම ළඟ සේවය කරනවා.

හොර බොරු වංචා මේ එක්කෙනෙක්වත් කරන්නෙ නැහැ. ඒක මගේ ව්‍යාපාරවලදී මම ලබපු මහා භාග්‍යයක්.”

මරණයකට, දානයකට එළවළු මිලදී ගන්නට ආ කෙනකු ආවේ එවන් කටයුත්තකට නම් අවැසි එළවළු මිලදී ගන්නට බව ඔහුට දැනුණොත් ඒ එළවළු සඳහා සමන් මුදල් අය නොකරයි. ඒ ඔහුගේ හැටිය.

ඒ බව අප හා පැවැසුවේ ඔහු නොව ඔහුගේ කාර්යමණ්ඩල සාමාජිකයෙකි.

“දෙන දෙයක් දෙන්න ඕනෑ දකුණු අතින් දුන් දෙය වම් අතවත් දැනනොගන්න ගානට. මම එහෙමයි පින් කරන්නේ.

ඒ ඔහුගේ හැටිය.

මෙම ලිපියට කරුණු රැස් කරද්දීද කළ දේවල් අසා ගන්නට අපට බොහෝ වෙහෙසවන්නට සිදුවිය.

සමන් එහෙම මිනිසෙකි.

කොරෝනාවෙන් බැට කන මිනිසුන්ගේ සේසතම සූරා කන්නට දන්න දහංගැට සියල්ලම ගසන සමහර කළුකඩ මුදලාලිලා අතර සමන් ප්‍රදීප් සැබෑ මානව හිතවාදී දානපතියකු වන්නේ ඒ නිසාය.

සටහන සහ ඡායාරූප  සුනිල් පොරමඬල / www.mawbima.lk



from රට තොට – Colombo Tribune https://ift.tt/3l8QOro
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();