Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්පහට “පොඩි හුස්මක්” – ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක්!

ගම්පහ දිස්ත‍්‍රික්කයේ 02 වැනිදා සවස 4.00න් අවසන් වූ පැය 24 ක කාලයේදී, වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක් ඇති බව තමන් වෙත ලැබී ඇති සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමෙන් හෙළිදරව් වන බව ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

ඒ අනුව 02 වැනිදාට පෙර දිනපතා කොරෝනා ආසාදිත රෝගීන් 120ක තරම් සීමාවකට වාර්තාවුවත්, 02 වැනිදා කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 61 දක්වා පහළ බැස ඇති බව ද ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේය.

මේ සඳහා විවිධ හේතු බලපාන්නට ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙසේ 02 වැනිදා වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් අතරින් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 25 දෙනකු ද, කැලණිය කොට්ඨාසයෙන් 10 දෙනකු ද සිටීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සඳහන් කළේය.

ඒ අනුව 02 වැනිදා වන විට ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 3195 දෙනෙකු කොරෝනා දෙවන රැල්ලෙන් හමුවී ඇත. ඔවුන් සොයා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ 48,211ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර වත්තල, කෙරවලපිටිය ප‍්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු නිෂ්පාදන කම්හලේ සේවය කරන සේවකයින් 49දෙනකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වීමෙන් පසු, එම කම්හලේ සේවය කරන සේවකයින් 800දෙනකු පමණ මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.



from රට තොට – Colombo Tribune https://ift.tt/388pFRO
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();