‘කොවිඞ් 19’ වෛරස රෝගය පාලනය සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් සෞඛ්‍ය නිරෝධායන පනතේ නීති කඩකරමින් මුව ආවරණ හා ආරක්‍ෂක ක‍්‍රමවේදයන් අනුගමනය නොකර පොල්ගහවෙල නගරයේ හා ගොඩවෙල සතිපොළේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගත් වෙළෙඳුන් හා පුද්ගලයන් 40 දෙනකුගෙන් 30දෙනකු පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් ඊයේ (06 දා) පොල්ගහවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කළ පොල්ගහවෙල මහෙස්ත‍්‍රාත් පී. එන්. ප‍්‍රියදර්ශනී මහත්මිය එක් අයකුට රුපියල් 5000 බැගින් දඩ නියම කළාය.
නව සෞඛ්‍ය නීති ඇතුළත් ගැසට් පත‍්‍රයට අනුව මහජන ආරක්‍ෂාව සඳහා නඩු පැවරූ බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහේෂ් අමරකර මහතා මොවුන් අධිකරණයට ඉදිරිපත් කර කරුණු දක්වමින් පැවසීය.
අධිකරණයට නොපැමිණි ඉතිරි සැකකරුවන් 10 දෙනා ඉදිරි නඩු දිනයක දී උසාවිය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
from රට තොට – Colombo Tribune https://ift.tt/3ewO4Sk
tribune

0 Comments