Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නවගමුවේ කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයින 28ක් -17 ක් ඉන්දීය ජාතිකයෝ


නවගමුව වෑක්වත්ත පාරේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 78 දෙනකුගෙන් 28 දෙනකු කොවිඞ් රෝගීන් බවට හඳුනාගෙන ඇතැයි නවගමුව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි. ඔවුන්ගෙන් 17 දෙනකු ඉන්දීය ජාතිකයන් බවත් වාර්තා වේ.
කර්මාන්ත ශාලාව විසින් පෞද්ගලික සෞඛ්‍ය අංශ මගින් සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී සේවකයන් කීපදෙනකු කොවිඞ් රෝගීන් බවට හඳුනාගැනීමෙන් පසු ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ හා පොලිසිය දැනුවත් කර පසුව කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයේදී මෙම රෝගීන් 28 දෙනා සොයාගෙන තිබේ.

එම තත්ත්වය යටතේ කර්මාන්ත ශාලාව තුළ නිරෝධායනයට ලක්කර සිටි සේවකයන් අතරින් කොවිඞ් රෝගීන් බවට හඳුනාගත් පිරිස ඊයේ (01 දා) කොස්ගම රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නවගමුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සේකර මහතා පැවසීය.

ඇන්ටන් ප‍්‍රනාන්දු

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();