පසුගිය සිකුරාදා (30දා) සවස් භාගයේ ඇඩ්‍රියන් මුහුදේ ඇති වූ තුර්කියට සහ ග්‍රීසියට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් 27 දෙනෙක් පමණ මිය ගියහ. මේ නිසා ගොඩනැඟිලි කිහිපයක් ද කඩා වැටුණු අතර කුඩා මට්ටමේ සුනාමියක් ද හටගෙන ඇත. බටහිර තුර්කියේ 25 දෙනකු මියගොස් ඇති බව බලධාරීහු පවසන අතර ග්‍රීක දූපතක් වන සැමොවාස් හි බිත්තියක් තමන් මතට කඩා වැටීම නිසා ගැහැනු ළමයකු සහ පිරිමි ළමයකු මියගොස් ඇත.
මෙහිදී පසුකම්පන 407ක් වාර්තා වී ඇති අතර රිච්ටර් මාපක 4.0ට වැඩි කම්පන 35ක් ද වාර්තා වී ඇතැයි නියෝජිතායතනය පවසයි.
බුද්ධි කරුණාරත්න

0 Comments