බ්‍රිතාන්‍යයේ සිට පැමිණ මෙරටදී සුපිරි හෝටලයක නිරෝධායනය වෙමින් සිටි හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහෝදරියක වන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මියට සිදුවූ බවට කියන අසාධාරණ සම්බන්ධයෙන් ඇය සමාජ ජාල ඔස්සේ හමුදා නිලධාරීන් සහ රජය විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුනා.
ඇගේ මෙම හෙළිදරව්වත් සමග කියැවුනු තවත් නමක් වන වෛද්‍ය සවීන් සේමගේ මහතා වෛද්‍ය තුෂාරා වික්‍රමනායක එල්ල කල අදාළ චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් සිදුකල දුරකථන සංවාදයක හඩපටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
වෛද්‍ය සවීන් සේමගේ මහතා වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මියගෙන් අසා සිටියේ “මම ඔබතුමියව ඇරස්ට් කරනවා කියලා කිව්වද ?” එවිට තුෂාරා වික්‍රමනායක මහත්මිය සදහන් කළේ “ඔබතුමා ඇරසට් කරනවා කියලා නෑ”
එහිදී පී.සී.ආර්. සම්බන්ධයෙන් ද පැහැදිලි කරමින් වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටියේ හමුදාව කිසිලෙසකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුනොකරන බවත්, එම පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල ප්‍රවාහනය ද නොකරන බවයි. එම සියලුම කාර්ය භාරයන් සිදුකරනු ලබන්නේ සෙඛ්‍ය අමාත්‍යංශයෙන් පමණක් බවද වෛද්‍යවරයා ඇයට පැහැදිලි කර දුන්නේය.
එහිදී වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය ඇය සිදුකල චෝදනා වැරදි බවට පිළිගනිමින් සදහන් කළේ තමන් ෆේස්බුක් හරහා නැවත වරක් සජීවී ව සම්බන්ධවෙමින් ඒ පිළිබදව නිවැරදි කරන බවයි.
මෙම දුරකථන සංවාදය පහතින්….
from රට තොට – Colombo Tribune https://ift.tt/2THi6ch
tribune

0 Comments