Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසා දැමුණු පිටකොටුව පොලිසිය යළි විවෘත කෙරේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීම හේතුවෙන් අත්හිටුවා තිබූ කොටුව පොලීසියේ සාමාන්‍ය රාජකාරි කටයුතු නැවත ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙම ආසාදිතයා හඳුනා ගැනීමත් සමග පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබිණි.
 
කොටුව පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබූ අතර මේ නිසා කොටුව පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් විෂබීජහරණය කිරීමට තීරණය කර තිබිණි. ඒ අනුව ඊයේ දිනයේදීම එම කටයුතු ආරම්භ කළ අතර අද (21) පෙරවරු 09 පමණ වනවිට කොටුව පොලීසියේ සාමාන්‍ය කටයුතු ආරම්භ කර ඇති බවයි අජිත් රෝහණ මහතා පවසයි.
 
පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබෙන්නේ වෙනත් පොලිස් ස්ථානවලින් තාවකාලිකව කොටුව පොලීසිය වෙත අනුයුක්ත කර ඇති පොලිස් නිළධාරීන් යොදා ගනිමිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();