ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය මත කරන ලද ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ඇක්සිස් බැංකුව කොළඹ ශාඛාවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ එම බැංකුව සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්ව අනුමැතිය ලබා දී තිබේ.
ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසි වලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30 දින සිට අවලංගු කරන ලදී.
පුවත් මුලාශ්‍රය : www.adaderana.lk
from රට තොට – Colombo Tribune https://ift.tt/3oLEkrV
tribune

0 Comments