Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධ්‍යාපන කටයුතු සදහා අන්තර්ජාලය භාවිතයේදී දරුවන් ගැන අවධානය යොමු කරන්න.

COVID-19 වයිරස තත්වය තුල දරුවන්ට අධ්‍යාපන කටයුතු සදහා අන්තර්ජාලය භාවිතයට ඉඩදීමේදී දෙමාපිය අවධානය යොමු කිරීමට කටයුතු කරන්න

 

COVID-19 වයිරස තත්වය යලි මතුවීමත් සමගම පාසල් හා උපකාරක පන්තිවල අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය සහ Zoom, WhatsApp, Microsoft Teams වැනි ජංගම දුරකථන හා පරිගණක යෙදුම් භාවිතයෙන් නැවතත් සිදුකිරීමට පාසල් ගුරුවරුන් සහ පෞද්ගලික පන්ති ගුරුවරුන් කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම මේ තත්වය යටතේ කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ කරුවන්ගේ ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත.

 

දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් අධ්‍යාපනික කටයුතු සදහා යොමුකිරිම බොහෝමයක් දරුවන් අවස්තාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සදහා පිවිසීමට, අධ්‍යාපන කටයුතු වල නිරතවන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල කාලය කා දැමීම වැනි කටයුතු සදහා යොමුවේ. විශේෂයෙන්ම මෙවැනි කාල පරාසයන් තුල දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැති වීම සහ දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉතා පහල මට්ටමක පැවතීම දරුවන් ඉතා පහසුවෙන් සයිබර් අපරාධ කරුවන්ගේ ග්‍රහණයට නතුවිය හැකි හේතුවක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වාදිය හැකිය. මේ හේතුවෙන් දරුවන් ඉගෙනුම් කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා කරන අවස්තා වලදී දරුවන් සිදුකරන්නේ මොනවාදැයි සොයාබැලීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දෙමව්පියන්ට දැනුම් දෙමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

The post අධ්‍යාපන කටයුතු සදහා අන්තර්ජාලය භාවිතයේදී දරුවන් ගැන අවධානය යොමු කරන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();