Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘සුදර්ශන පැණිය’ට වෛද්‍ය වෘත්තිකයන්ගේ විරෝධය.

නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය“ නැමැති ආයුර්වේද ඖෂධය කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදා ගැනීමට රජය තීන්දුකර ඇති බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබුණි. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වී ඇති බවද එහිදී පැවසා ඇත.

සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කර සිටියි.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසා ඇත්තේ “සුදර්ශන පැනිය“ බටහිර රෝහල් වල භාවිතා කිරීමට යෝජනා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් බවයි. එයට හේතු කිහිපයකද විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සඳහන් කර ඇත.

එයට හේතුව බටහිර වෛද්‍ය ක්‍රමය හා ආයූර්වේද වෛද්‍ය ක්‍රමය යනු ප්‍රධාන වෛද්‍ය ක්‍රම ප්‍රවාහයන් දෙකක් වීම නිසා මෙම වෛද්‍ය ක්‍රම දෙක අතර මූලික සංකල්පමය වෙනසක් පැවතීමයි.

The post ‘සුදර්ශන පැණිය’ට වෛද්‍ය වෘත්තිකයන්ගේ විරෝධය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();