Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ මොහොතේ බස්නාහිර පළාත හරහා තවත් පළාතකට ගමන් කළ නොහැකියි

මොනයම් හෝ අයුරකින් වෙනත් පළාතක සිට බස්නාහිර පළාත හරහා තවත් පළාතකට ගමන් කිරීමට  ඇදිරිනීතිය පනවා ඇති මොහොතේ අවස්ථාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
 
විශේෂයෙන් අධිවේගී මාර්ගය හරහා හෝ බස්නාහිර පළාත හරහා ගමන් කිරීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(30) උදෑසන සදහන් කළේය.
 
බස්නාහිර පළාතට පැනවූ  ඇඳිරි නීතිය සඳුදා (02) උදෑසන 5.00ට අවසන් වුවද කලින් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 68 නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් නොකෙරේ.
 
මේ අතර ඊයේ(29) දිනයේ දී පමණක් නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 25දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේවන විට 1260 දෙනෙකු සහ වාහන 180ක් අත්අඩංගුවට ගෙන ඇතැයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();