
ඊයේ (21) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවේදී ඇල්ලේ ගුණවංශ හිමි පැවසුවේ වත්මන් ආණ්ඩුවට විශාල බලයක් හිමිකර දීමට කටයුතු කළ තමන් ඇතුළු භික්ෂුන්ට, ආගමික නායකයන්ට ආණ්ඩුවේ ගමන්මග සම්බන්ධ ලජ්ජාවක් ඇතිව තිබෙන බවයි. ආණ්ඩුව දැන් පෙරහරේ යන නමුත් තමන් ඒ පෙරහරට සම්බන්ධ නැති නරඹන්නන් බවට පත්ව තිබෙන බවත් පෙරහරේ යනවුන්ගේ බෙර කැඩී, රෙදි ගැලවී ඇති මේ තත්වය වටහා නොගන්නා තත්වයක් ඇති බවත් ඒ් හිමියෝ අවධාරණය කළහ.
අභයාරාමයේ පැවති මේ මාධ්‍ය හමුවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන එන්නට කටයුතු කළ භික්ෂුන් පිරිසක් සහභාගි වූහ.
The post අපට බලන් ඉන්නත් ලැජ්ජයි…ආණ්ඩුවේ රෙදි ගැලවිලා. appeared first on Lanka News Column.
0 Comments