Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මකයි - කොරෝනා රැල්ල පැතිරුණේ මංගල සාද දෙකකින්

ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මකයි

ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මක බැවින් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන මඟහැර වගකීමෙන් කටයුතු කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මේ වනවිට කොරෝනා වසංගත තත්ත්වය විශ්ලේෂණය කරමින් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් ජනතාව මේ තත්ත්වය නිසි පරිදි අවබෝධ කරගෙන වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, හමුදාපතිවරයා කියා සිටියා.

නිරෝධායනයට යොමු කරන ඇතැම් පිරිස් එම වගකීම නොතකා හරින්නේ නම් එය මේ තත්ත්වය පාලනය කිරීමට බාධාවක් වන බව හමුදාපතිවරයා පෙන්වා දුන්නා

මෙම කොරෝනා රැල්ල මංගල සාද දෙකක් මුල්කරගෙන පැතිර ගිය බවට මේ වනවිට තහවුරු වී තිබෙන බවද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. ඒ නිසා මහජනතාව ගැවසෙන උත්සව, සාද සංවිධාන නොකිරීම හා ඒවාට සහභාගි නොවී සිටීම සියලු දෙනාගේ වගකීම හා යුතුකම බවද හමුදාපතිවරයා අවධාරණය කරමින් කියා සිටියා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();