Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද උදෑසන 6 සිට බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්

අද (28) උදෑසන 06.00 සිට අත්‍යාවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
ඒ අනුව අද උදෑසන 06.00 සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලුම රථවාහන විශේෂ සෝදිසියකට ලක් කිරීම සඳහා විශේෂ මාර්ග බාධක යොදවා ඇති බව ඒ මහතා සඳහන් කළේය. 
 
එහෙයින් බස්නාහිර පළාතට අද දිනයේ යම් ආකාරකින් ඇතුළු වුවද අත්‍යවශ්‍ය කරුණකදී හැර ඉන් පිටවීමට කිසිදු අවසරයක් නොලැබෙන බව අවධාරණය කළ ඒ මහතා අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ පවා ගමනාගමනය සීමා කෙරෙන බවත් ප්‍රකාශ කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();