Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යාජ ඔප්පු සකසා අක්කර 280ක් විකිණීම නීතිපති උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නවා

CIDය අධිකරණයට කියයි

තලෙයිමන්නාරම අක්කර 280ක ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්ගේ ඥාතීන් කිහිපදෙනා සම්බන්ධයෙන් විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර නීතිපති උපදෙස් අනුව ඉදිරියේදී ක්‍රියා කරන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත දැනුම් දුන්නේය. තවද සැකකරුවන්ට අදාළ ලේඛන පරික්ෂා කිරීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇතත් මේ දක්වා වාර්තා ලැබී නැති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වු කරුණු සළකා සිහිකැඳවිම් ලිපියක් රජයේ රස පරික්ෂක වෙත යොමු කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්ගේ ඥාතින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරයට කරුණු දක්වා සිටි අතර සැකකරුවන් ලෙස මොහුන් අත්අඩංගුවට ගැනිම රහස් පොලිසිය විසින් පැහැර හැර ඇති බවට හෙතෙම මෙහිදි රහස් පොලිසියට චෝදනා කරනු ලැබිණ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට ඇති බවට රහස් පොලිසිය ඉකුත් පෙබරවාරි මාසයේ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැක්වුවද ඉන්පසු විමර්ශන අවසන් බවත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නොමැති බවට අධිකරණයට කරුණු දක්වා ඇති බව පැවසු නීතිඥවරයා මේ සම්බන්ධයෙන් කරුණු රහස් පොලිසියෙන් විමසන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ පෙර සිටි විනිසුරුවරිය ද වහා අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග නිකුත් කර ඇති බව සදහන් කරමින් එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නේය. තලෙයිමන්නාරම අක්කර 280ක ව්‍යාජ ඔප්පු සකස් කර විකිණිමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කිරිමෙන් අනතුරුව ඉකුත් පෙබරවාරි මසදි සැකකරු රුපියල් 25000ක මුදල් හා ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිණ.

අල්විනාපුරම් පිල්ලෙයාඩි පුත්තලම පදිංචි බදුර්දින් මොහොමඩ් රිෆ්කාන් යන අයමෙලෙස ඇප මත මුදා හැර ඇති අතර

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පදිංචි මදාර් මොහිදින් අන්තාර්ජිත් නැමැත්තා ද ඇප මත සිටි.

තලෙයිමන්නාරම උප්පුතරව් වෙට්ටිතරව් ඉඩමේ ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිණිම සම්බන්ධයෙන් ශ්‍රි සද්ධර්ම මාවත කොළඹ 10 පදිංචි අබ්දුල් කාසිම් සලාබි නැමැත්තා 2015 /11/26 වන දින රහස් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ල අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.

අක්කර 40 බිම් කොටස් දෙකක් ලක්ෂ 240 මිලට ගැනිමේන් පසු තමන් එහි ගිය විට එම ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වු රිෆ්කාන් තමන්ට එම ඉඩමේ අයිතිය නැති කළ බවට පැමිණිල්ලේ සදහන්ය. සැකකරුවන් වන මදාර් මොහිදින් අන්තාර්ජිත් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සිරන්ජනි කුමාරි


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();