Ticker

6/recent/ticker-posts

Header Ads Widget

18 වැනි ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන නොවැම්බර් මස 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පෙරේදා (29) මේ පත් කිරීම කර තිබෙන අතර එම පත්වීම සම්බන්ධ ලිපිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා අතින් නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ වෙත භාර දුන් බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.

ගුවන් හමුදාව සතු ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් ඊළාම් යුද ඉතිහාසයේ දක්ෂතා පෙන්වා තිබෙන නව ගුවන් හමුදාපතිවරයා මෙරටට පළමු මිග් 27 යානාව රැගෙන ආ නිලධාරියා ද වෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 1990දී සුපර්සොනික් වර්ගයේ F7 ප්‍රහාරක යානා රැගෙන ඒමේදී තෝරා ගත් පළමු ගුවන් නියමුවන් හය දෙනා අතරට ද ඒ මහතා ඇතුළත් විය. 1995දී කෆීර් ජෙට් යානා රැගෙන ඒමේදී එහි නියමුවකු ලෙස ද තෝරාගෙන තිබෙන ඒ මහතා කෆීර් ජෙට් බලගණයේ අණදෙන නිලධාරියා ද විය. ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් බලගණ සියල්ලේම දක්ෂ නියමුවකුවූ හෙතෙම මෙහෙයුම් අධ්‍යක්ෂ ඇතුළු ඉහළ තනතුරු හොබවමින් මාණ්ඩලික ප්‍රධානී තනතුර දක්වා පැමිණ ඇත.

එළැඹෙන 02 වැනිදා නව ගුවන් හමුදාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිත අතර අනතුරුව 03 වැනිදා උත්තමාචාර පෙළපාළියක් ද පැවැත්වේ.

මහින්ද අලුත්ගෙදර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();