Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ලඩියා‘ ගේ සමීපතමයෙකු වන ‘සුද්දා‘ STF අත්අඩංගුවට

දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නලින් චතුරංග නොහොත් “ලඩියා” යන අයගේ සමීපතමයෙකු ලෙස සැළකෙන යොහාන් ප්‍රදීප් කුමාර නොහොත් “සුද්දා” නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඊයේ පස්වරු 06.0 ට පමණ හෝකන්දර උතුර ප්‍රදේශයේදී මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
 
සංවිධානාත්මක අපරාධ සඳහා යොදාගෙන ඇති බවට සැකකෙරෙන ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරු පැදියක් හා අංක තහඩු සවි කර නොමැති යතුරු පැදියක්ද සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.
 
සුද්දා නම් මෙම සැකකරුට අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණය මගින් ඇප මත නිදහස්ව සිටින්නෙකු බව පොලිසිය සදහන් කළේය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();