Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“සමයං”ගේ ප්‍රධාන වෙඩික්කරු ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මරුට

 
සංවිධානාත්මක අපරාධකරුවකු වූ රණාලේ සමයංගේ ප්‍රධාන ගෝලයකු වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නමැත්තෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. 
 
අපරාධ සඳහා භාවිතා කළ ආයුධ පෙන්වීමට ඔහුව රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් අත් අඩංගුවෙන් පැන යාමට තැත්කිරීමේදී නවගමුව පොලිසිය විසින් ඔහුට වෙඩිතබා ඇති බව සඳහන් වෙයි. 
 
ඔහු පොලිස් ජීප් රථයේ රියදුරුට අවහිර කරමින් ජීප් රථය කැළණි ගඟට පෙරළීමට උත්සාහ කළ බව පොලිසිය වැඩිදුරටත් පවසයි. 
 
එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙ.
 
පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දා හෙරොයින් ග්‍රෑම් 10 ක් ද සමග නවගමුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();