
ලෝකයේ බහුලවම භාවිතා කෙරෙන විද්‍යුත් ලිපි සේවාව වන ‘ජී-මේල්‘ භාවිතා කරන්නන්ට තමන්ගේ විද්‍යුත් ලිපි යැවීමට මෙන්ම විද්‍යුත් ලිපියකට ගොණුවක් ඇමිණීමට නොහැකි වී ඇත.
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගමට අද උදෑසන සිටම දිගටම පැමිණිලි ලැබෙමින් පවතින අතර ඇතැම් කලාපයන්හිදී ලිපිගොණු හෝ ඡායාරූප ඇමිණීමට හෝ බාගත කිරීම ද කළ නොහැකි වී ඇත. තත්ත්වය හඳුනාගෙන දෝෂ නිරාකරණය කිරීමට ඉංජිනේරු කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ගූගල් සමාගම දැනුම් දී ඇතැයි ඉන්දීය ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ඉන්සයිඩර්‘ සඟරාව පවසයි.
The post ජී-මේල් බිඳවැටෙයි. appeared first on Lanka News Column.

0 Comments