ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අභිනව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (21) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
එය මන්ත්‍රී යෝජනාවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිපුන රණවක මන්ත්‍රීවරයා විසින් අද පාර්ලිමේන්තුවට යෝජනා කිරීමෙන් අනතුරුව ඊට අදාළ විවාදය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුව වන තුරු පැවතුණි.
අනතුරුව පාර්ලිමේන්තුව අගෝස්තු මස 27 වන දින උදෑසන 9.30 තෙක් කල්තැබුණි.
මේ අතර, නව වන පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රී සඳහා වන දැනුවත් කිරීමේ වැඩමුළුව අගෝස්තු මස 25 වන දින හා 26 වන දින උදෑසන 9 සිට සවස 6 දක්වා පැවැත්වෙන බව කථානායකවරයා දැනුම් ෙදන ලදි.
0 Comments