Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ළමුන් සම්බන්ධ පැමිණිලි කළමනාකරණ ඩිජිටල් පද්ධතිය සකසා අවසන්

 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය ( Complaint Update and Management  Digital System – CUMS )ප්‍රථම වරට මේ වනවිට සකසා අවසන් කර ඇත.
 
එසේම සෑම පොලිස් ස්ථානයක් විසින්ම ප්‍රථම වාර්තාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන් යොමු කළ යුතුවේ. එය පදනම් කොටගෙන ළමයින් සම්බන්ධ නඩු කටයුතු නියාමනය කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රථම වරට ආරම්භ කර ඇත. 
 
එසේම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය( Police Complaint Update and Management  Digital System – Police CUMS ) ප්‍රථම වරට සකස් කිරීමේ කටයුතු මේ දිනවලදී සිදු කරමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.  
 
ජාතික  ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා රැකවරණ සේවා සපයන ආයතන හා ළමා රැකවරණ සේවා අධීක්ෂණය කිරීමේ හා අවම ප්‍රමිතීන් ගොඩනැංවීමේ නව අධීක්ෂණ කටයුතු 10ක් ආරම්භ කර ඇත. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();