මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ මැතිවරණයට අදාළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත් පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම්දෙයි.

0 Comments