නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් මෙගා වොට් 300ක් අද (21) සිට නැවත ජාතික විදුලි පද්ධතියට එකතු කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, විජිත හේරත් මහතා පවසයි.
ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව ද ඒ මහතා කියා සිටියේය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 900ක් සපයන අතර, පසුගිය දා සිදුවු විදුලි බිඳවැටීම හේතුවෙන් එම බලාගාරයේ ජනන යන්ත්‍ර ද ක්‍රියා විරහිත විය.
මේ හේතුවෙන් පසුගිය අගෝස්තු මස 18වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරුණි.
0 Comments