Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ" ඉල්ලුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ.
 
පසුගිය 19 වන දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට "සෞභාග්‍යා කොවිඩ් -19 පුනරුද සහන ණය පහසුකම්" යටතේ සිය ණය අයදුම්පත් එළඹෙන සැප්තැම්බර් මස 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.
 
ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර සඳහා, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස 6ක කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීම් කාලසීමාවක් සහිතව, කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා මෙම ණය පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වා දී තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();