
ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධූරයක් දැරීමට නියමිත බව වාර්තා වේ ඒ අනුව දැනට පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින ජයන්ත කැටගොඩ බැසිල් රාජපක්ෂට ඉඩ ලබා දීම පිණිස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත වූවකුට මැතිවරණයට ඉදිරිපත් වීමට හෝ පාර්ලිමේන්තු ආසනයක් දැරිය නොහැක. නමුත් ඉදිරි සති කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී මෙම ද්විත්වවැසිභාවය සම්බන්ධ වගන්තිද සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බවට වාර්තා වේ.
The post ඉදිරියේදී ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් නොවෙයි……බැසිල් පාර්ලිමේන්තුවට. appeared first on Lanka News Column.

0 Comments