Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නැගෙනහිර ආණ්ඩුකාරවරිය ජනතාව වෙනුවෙන් මහජන දිනය අලුත් කරයි

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවත්වන පළමු මහජන දිනය අද(19) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
 
මෙහි විශේෂත්වය වන්නේ පළාත් සභාවේ සියලු ආයතන නියෝජනය කරමින් එක් නිලධාරියෙකු මෙම මහජන හමුව සඳහා ප්‍රථමවරට සහභාගි කරවා ගැනීමය.
 
ජනතාවගේ ගැටලු සදහා ඒ මොහොතේම විසදුම් ලබාදීම සඳහා මෙම නිලධාරීන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මහජන දිනය සඳහා සහභාගි කරවා ගැනීමට ආණ්ඩුකාරවරිය තීරණය කිරීම ද විශේෂත්වයකි.
 
ඒ අනුව මිට සමගාමිව පළාතේ සෑම දිස්ත්‍රික්කයකම මසකට එක් දිනයක් ආණ්ඩුකාර මහජන දිනය පැවැත්විමට නියමිතය. ඒ සදහාද පළාත් සභාවේ නිළධාරින්ගේ පැමිණිම අනිවාර්ය කර තිබේ.
 
ආණ්ඩුකාර කාර්යාලය ත්‍රිකුණාමලයේ ස්ථානගත වීම හේතුවෙන් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ජනතාවට බොහෝ දුරබැහැර ගෙවා ත්‍රිකුණාමලයට පැමිණිම දුෂ්කර නිසා ආණ්ඩුකාරවරිය එම දිස්ත්‍රික්කවලද මහජන දින පැවැත්විම සිදු කරයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();