Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාවික හමුදාධිපති කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවෙයි

 
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, ඊයේ  (21) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි.
 
මෙම හමුවේදී නාවික හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හිමිපානන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අණතුරුව, අගරදගුරු හිමිපානන් විසින් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාවේ ඉදිරි සාර්ථකත්වය සඳහා ආශිර්වාද සිදු කරන ලදි. 
 
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් කොළඹ අගරදගුරු හිමිපානන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කෙරුණි.
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();