මෙරටින් මෙතෙක් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2941 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ, ඊයේ (21) රාත්‍රියේ හඳුනාගත් නව රෝගීන් 14 දෙනෙකු සමඟය.
ඔවුන් වාර්තා වී ඇත්තේ ඉදුනීසියාවේ සිට පැමිණි අයෙකු, කුවේට් සිට පැමිණි අයෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 12 දෙනෙක් වශයෙනි.
ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් හඳුනාගත් නව රෝගීන් සංඛ්‍යාව 23ක් බව සඳහන්ය.
මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් අතරින් සුවය ලැබූ සමස්ත ගණන 2,789 කි.
0 Comments