Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන්ජන්ගේ තැන මාන්නප්පෙරුමට හිමිවන ලකුණු.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පාරිලිමේන්තුවට තේරී පත්වූ රන්ජන් රාමනායක  අධිකරණයට අපහාස කළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුව ඊයේ(25) වන විට විභාග කර අවසන් කර ඇත.  ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ඔක්තොම්බර් මස 21 වන දිනට කල් දමා තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රන්ජන් රාමනායක  තමා මේ නඩුවෙන් වැරදිකාරයා වීමට බොහෝ විට ඉඩ ඇති බවත් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූවක් බැවින් තවදුරටත් අභියාචනා කිරීමට ඉඩක් නැති බවත් පවසා තිබේ. දැන් ඔහුට ඉතිරිව ඇත්තේ දඬුවම් විඳීම හෝ ජනාධිපති සමාව ලැබීම යන කරුණු දෙකෙන් එකක් පමණක් බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති.  මනාප ලයිස්තුවේ මීළඟට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නපෙරුමට  රන්ජන් රාමනායක  සිරයට නියම වුවහොත් පාර්ලිමේන්තු යාමට අවස්ථාව උදා වේ.

The post රන්ජන්ගේ තැන මාන්නප්පෙරුමට හිමිවන ලකුණු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();