
දිනෙන් දින ඉහල යන ළමා අපචාර හේතු කොට ගෙන ඒවා වැලැක්වීම සදහා රජය වහා මැදිහත් වන ලෙස ඉල්ලා සුරකිමු දරුවන් සංවිධානයෙන් විරෝධතාවක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.
එම සංවිධානයේ සමාජික චන්දන රණසිංහ සදහන් කළේ හෙට (26) දිනයේ උදෑසන 9.00 ට ගාලුමුවදොරදී මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි. දිනපතා ජනමාධ්‍ය තුලින්ද ළමා අපචාර වාර්තා කිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මේ සදහා පොලීසියේ මැදිහත් වීම ඉතා මන්දගාමී බැවින් මෙම තීරණය ගැනීමට හේතුවූ බව ඔහු වැඩි දුරටත් පැවසීය.
විරෝධතාවට සමගාමීව ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීම ළමා ගීත ගායනා කිරීමක්ද ඇතුලත්ව තිබේ.
The post සුරකිමු දරුවන් සංවිධානයෙන් විරෝධතාවක්. appeared first on Lanka News Column.

0 Comments