Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණ නියෝගය අනුව වරාය පිවිසුම විවෘත වෙයි…..සත්‍යග්‍රහය දිගටම.

කොළඹ වරායේ වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව මේ වන විට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබාදීමට විරෝධය පළ කරමින් වරායේ සේවකයින් මෙම සත්‍යග්‍රහයේ නිරත වන අතර සත්‍යග්‍රහය හේතුවෙන් වරායේ සියලු කටයුතු අඩාල වී ඇත.

මේ අතර වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස  සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින්ට ඊයේ (01) පස්වරුවේ අධිකරණ නියෝගයක් නිකුත් කළේය. පසුව අධිකරණ නියෝගයට අනුව අවහිර කර තිබූ වරාය පිවිසුම් මාර්ගය විවෘත කළ ද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරන බව වෘත්තීය සමිති නායකයින් එහිදී සඳහන් කළේය.

The post අධිකරණ නියෝගය අනුව වරාය පිවිසුම විවෘත වෙයි…..සත්‍යග්‍රහය දිගටම. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();